බදුල්ල - මහියංගණය මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Thursday, 13 October 2016 - 8:16

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
බදුල්ල - මහියංගණය මාර්ගයේ ලොග්ගල්ඔය වැව් බැම්ම අසළ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ ලොරි රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා මහියංගණය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40 ක් පමණ වන මහියංගණය - ඌරණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.