Update : අණ නොතකා ධාවනයේ යෙදුණු වෑන් රථයකට ත්‍රිකුණාමලයේදී පොලීසියෙන් වෙඩි

Thursday, 13 October 2016 - 9:28

Update+%3A+%E0%B6%85%E0%B6%AB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92
ත්‍රිකුණාමලය අධිකරණය ඉදිරිපිටදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට ඊයේ රාත්‍රියේදී පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මොවුන් දෙදෙනා ත්‍රිකුණාමලය අධිකරණ සංකීර්ණ ඉදිරිපිට මාර්ගයේ රැදී සිටිමින් කළහකාරී ලෙස හැසිරෙන බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ පිළිබඳ සොයාබැලීම සඳහා පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී මොවුන් දෙදෙනා වෑන් රථයේ නැගී පළා යාමට උත්සහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව පොලිසිය මොවුන්ට නතර වන ලෙස අණ කර ඇති නමුත් ඔවුන් එය නොතකා ධාවනය කිරීම හේතුවෙනුයි පොලිසිය වෙඩි තබා ඇත්තේ.

පොලිසිය පසුව සිදු කරන ලද පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ ඔවුන් දෙදෙනා බීමතින් සිට ඇති බවටයි.  

තුවාල ලැබූවන් මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

Update -Thursday, October 13, 2016 1.14
--------------------------------------------------------------
ත්‍රිකුණාමලය අධිකරණය ඉදිරිපිටදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට ඊයේ රාත්‍රියේ පොලීසිය වෙඩි තබා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙම සිද්ධියෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ත්‍රිකුණාමල රෝහලට ඇතුළත් කර ඇති බවයි.

තුවාල ලැබූවන් මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.