ජර්මනියේදී අත්අඩංගුවට ගත් අයි.එස්. සැකකරු සියදිවි හානිකරගනී

Thursday, 13 October 2016 - 11:02

%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ජර්මනියේ බර්ලින් නුවර ගුවන් තොටුපල වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සිරියානු ජාතිකයා ඔහු රදවා සිටි සිර මැදිරිය තුළදී සියදිවි හානිකරගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ උපදෙස් මත මොහු මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට සැළසුම් කර තිබූ බවයි.

එරට ආරක්ෂක අංශ විසින් මොහු ඇතුලු තුන් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ජර්මනියේ බුද්ධි අංශ විසින් ඉකුත් සතිය තුළ නිකුත් කළ වාර්තාවන්වලට අනුව හෙළිවූයේ බර්ලින් නුවර ගුවන් තොටුපල වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කර ඇති බවයි.