මොරගහහේන උණුසුම් කරමින් බස් නැවතුම ජනතා අයිතියට

Thursday, 13 October 2016 - 12:45

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B7%84%E0%B7%84%E0%B7%9A%E0%B6%B1+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
හොරණ - මොරගහහේන නව බස් නැවතුම්පල විවෘත කිරීමට යාමේදී අද උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් නව බස් නැවතුම්පල විවෘත කිරීමට නියමිතව තිබුණේ පෙරවරු 9.30ට පමණයි.

එහෙත් ඊට පෙර එම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරණ ආසන සංවිධායක, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක පීත්ත පටිය කපා බස් නැවතුම්පල විවෘත කළ බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මන්ත්‍රීවරයා සමඟ දහසකට ආසන්න පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියේ හිසෙහි කළු පටිද පැළඳ ගෙනයි.

පසුව නව බස්නැවතුම්පල විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍ය පාඨලී චම්පික පැමිණීමට නියමිත මාර්ගයේ රැඳී සිටිමින් ඔවුන් විරෝධතාවක ද නිරතවුණා.

විරෝධතාකරුවන් බස් නැවතුම්පල තුලට බලහත්කාරයෙන් බස් රථයක් ඇතුලු කිරීමට යාමේදී ඊට පොලීසිය මැදිහත්වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයා කියා සිටියේ මොරගහහේන යනු තමන්ගේ ගම බවයි.

ගමට එදත් අදත් වැඩ කරන්නේ තමන් ඇතුළු පිරිස බවත් කිසිවෙකුටත් හිතුමතේ කටයුතු කිරීමට අවස්ථාවක් නොමැති බවත් මන්ත්‍රිවරයා කියා සිටියා.  

කෙසේ වෙතත් අප වාර්තාකරු සඳහන් කළේ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ නව බස් නැවතුම්පලේ සමරු ඵලකය විවෘත කරමින් උත්සවයේ වැඩකටයුතු ආරම්භ කළ බවයි.

 එම අවස්ථාව වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක ඇතුළු පිරිස අදාල ස්ථානයෙන් ඉවත්ව ගොස් සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.