ඇමරිකාවෙන් හූති ත්‍රස්තයන්ට ප්‍රහාර

Thursday, 13 October 2016 - 13:23

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%96%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
යේමනයේ හූති ත්‍රස්තවාදීන්ගේ මිසයිල ස්ථාන ගත කර ඇති ප්‍රදේශ වෙත ඇමරිකාව ප්‍රහාර එල්ල කර තිබෙනවා.

රතු මුහුදේ ස්ථාන ගතකර ඇති ඇමරිකානු යුධ නෞකාවක් මඟින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම නෞකාව වෙත ත්‍රස්තවාදීන් පසුගිය දින කිහිපය තුල මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර ඇති අතර ඊට ප්‍රතිචාර ලෙසයි ඇමරිකාව ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත්තේ.

මෙම ප්‍රහාර සඳහා ජනාධිපති බැරක් ඔබාමාගේ අනුමැතියද හිමි වූ බව පෙන්ටගනය සඳහන් කළා.