සංචාරක වීසා මත කාන්තාවන් විදෙස් ගත කිරීමේ ජාවාරමක් හෙළි වේ

Thursday, 13 October 2016 - 14:02

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%80%E0%B7%93%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%9A
සංචාරක වීසා මත ඩුබායි රාජ්‍යයට රැකියා සඳහා කාන්තාවන් යැවීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ රැකියාව සඳහා පිටත්ව යෑමට පැමිණි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇයගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී  මෙම ජාවාරම පිළිබඳ තොරතුරු හෙළිව ඇත්තේ.

පසුව මෙම ජාවාරම මෙහෙයවූ පුද්ගලයා කොළඹ - අලුත්කඬේ උසාවිය ආසන්නයේ තාවකාලික නවාතැන්පලක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී ව්‍යාජ ලෙස සකස් කරන ලද ගමන් බලපත්‍ර 9 ක් මොහු ළඟ තිබී විදේශ සේවා නියුක්ති කාර්යාංශය භාරයට ගත්තා.