රට පුරා සාධාරණ සංවර්ධනයක්

Thursday, 13 October 2016 - 18:18

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සෑම දිස්ත්‍රික්කයකටම සාධාරණ සංවර්ධනයක් ක්‍රියාත්මක කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

උතුරුමැද පළාත් සභා පාසල් සදහා උපාධිධාරින් දහසක් ගුරු සේවයට බදවා ගැනීමේ උත්සවයට අද (13) පෙරවරුවේ අනුරාධපුරයේදී එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

මේ අතර, අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනුරාධපුරයේදී කාන්තා ගොවි සම්මේලන වැඩසටහනට ද එක්වුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ දැනුම මුල් කර ගත් නවෝත්පාදන ආර්ථිකයක් සමග රට තුළ ජාතික ආර්ථිකය ගොඩනැගීම රජයේ ප්‍රමුඛ වගකීම බවයි.