සම සෞඛ්‍ය සිසුන්ට ඇප

Thursday, 13 October 2016 - 18:32

%E0%B7%83%E0%B6%B8+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුන් 12 දෙනා ඇප මත මුදා හැරුණා.

මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල නියෝග කළේ එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි.

පසුගිය අගෝස්තු 22 වනදා එම විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් ඊයේ (12) අත්අඩංගුවට ගෙන අද (13) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

 අගෝස්තු 22 වනදා සිදුවූ මෙම පහරදීමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් හතරදෙනෙකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කළා.

පසුව පහරකෑමට ලක්වූ සිසුන් මේ පිළිබඳව එදිනම සවස පේරාදෙණිය පොලීසියට පැමිණිලි කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සම සෞඛ්‍ය විද්‍යාපීඨ සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණේ පහරදීම සහ නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන චෝදනා යටතේයි.