නියගය නිමා වී වැසි ලැබේ - මාස 7 කට පසු පොළොන්නරුවටත් වැසි ජලය

Friday, 14 October 2016 - 6:40

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%93+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%9A+-+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+7+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA
දිගු කලක් තිස්සේ පැවති නියගය නිමා කරමින් දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඊයේ (13) වැසි ඇදහැලූණා.

නැගෙනහිර, උතුර, උතුරුමැද, මධ්‍යම, සබරගමුව පළාත්වලට ඊයේ මෙලෙස වැසි ලැබුණු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

නියගයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ද ඊයේ දිනයේ වැසි ලැබී තිබෙනවා.

කදුරුවෙල, මින්නේරිය, මැදිරිගිරිය, දියසෙන්පුර හා වැලිකන්ද යනාදී ප්‍රදේශවලට මෙලෙස වැසි ලැබී ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

අදත් දිවයිනේ නැගෙනහිර, උතුර, උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලී තත්ත්වයන් පවතින බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක සදහන් කළේ.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලා.

නැගෙනහිර / උතුර / උතුරු මැද / මධ්‍යම සහ සබරගමුව පළාත්වල තැනින් තැන සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර පසුව එම වැසි සෙසු පළාත්වලට ද පැතිර යාමේ හැකියාවක් පවතිනවා.

බස්නාහිර පළාතේ මෙන්ම ගාල්ල / මාතර / ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්වල උදෑසන කාලයේදී වැසි ඇතිවන බවයි දෙපාර්තමේන්තුව කියාසිටියේ.