වතු සේවක සාමුහික එකගතා ගිවිසුමට අද අත්සන් තැබේ

Friday, 14 October 2016 - 6:43

%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%92%E0%B6%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9C%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%9A
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් සම්බන්ධයෙන් වතු සේවක වෘත්තීය සමිති සහ වතු හාම්පුතුන් අතර, සාමුහික ගිවිසුමට අද අත්සන් තැබෙනවා.

දෙපාර්ශවය අතර, එකගත්වය ඇති වී තිබෙන්නේ රුපියල් 730 ක දෛනික වැටුපක් සදහායි.

දැනට රුපියල් 620 ක් පවතින වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා පසුගිය සැප්තැම්බර් 24 වනදා සිට මධ්‍යම කදුකරය ඇතුළු ප්‍රදේශ ගණනාවක විරෝධතා උද්ඝෝෂණ පැවැත්වුණා.

කෑගල්ල සහ මස්කෙළිය, මෙන්ම කොළඹ නගරයේදී ද එම විරෝධතා පැවැත්වුණු අතර, ඇතැම් අවස්ථාවලදී වාහන ගමනාගමනයට ද බාධා එල්ල වුණා.

මේ අතර ලංකා කම්කරු කොංග්‍රසය, ලංකා ජාතික වතු කම්කරු සංගමය සහ ඒකාබද්ධ කම්කරු සංගමය යන වතු කම්කරු වෘත්තීය සමිති, හාම්පුතුන්ගේ සම්මේලනය සමග වතු කම්කරු වැටුප රුපියල් 730 දක්වා වැඩි කිරීම සදහා අද කොළඹදී සාමුහික ගිවිසුමට අත්සන් තැබීමට නියමිතයි.

මේ අතර, ඊයේ රාත්‍රීයේ හිරු ටී වී ඔස්සේ විකාශය වූ බලය දේශපාලන වැඩසටහනේදී ද සාකච්ඡාවට ලක්වූයේ වතු කම්කරු ඉල්ලීම් සහ දේශීය තේ කර්මාන්තයේ හෙට දවස පිළිබදවයි. එක් අවස්ථාවකදී වතු කම්කරු වැටුප සම්බන්ධයෙන් අත්සන් කිරීමට නියමිත ගිවිසුම පිළිබදව ලංකා කම්කරු කොංග්‍රසයේ උපනායක, මධ්‍යම පළාත් සභා අමාත්‍ය මදරපාන්ඩි රමේෂ්වරන්, කම්කරු ජාතික සංගමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් තිලකරාජා සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක අතර සංවාදයක් ද ඇති වුණා.