ඇමරිකාවේ කොටි සාමාජිකයන්ගේ සිරදඩුවම් ලිහිල් කෙරේ

Friday, 14 October 2016 - 7:14

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ඇමරිකාවේදී වසර 25 ක සිරදඩුවම් නියම වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 3 දෙනෙකුගේ දඩුවම් කාලය වසර 10 කින් අඩු කිරීමට එරට අධිකරණය තීරණය කර තිබෙනවා.

නිව්යෝක් ඬේලි පුවත්පත සදහන් කරන පරිදි ඒ සදහා මැදිහත් වී ඇත්තේ ඔවුන්ට දඩුවම් ලබාදුන් විනිසුරුවරයායි.

ඇමරිකාවේ බෲක්ලින් අධිකරණයේ විනිසුරු රේමන්ඞ් ඩියරි 2011 වසරේදී මෙලෙස දිගුකාලීන සිර දඩුවම් නියම කර තිබුණේ කැනඩාවේ පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් තුන්දෙනෙකුටයි.

එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවෙන් ගොඩබිම සිට ගුවනට එල්ල කරන මිසයිල ඇමරිකාවෙන් මිලදී ගැනීම සදහා උත්සාහ කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණේ.

ඔවුන් තම දඩුවම් ලිහිල් කරන ලෙස ඉල්ලා 2012 වසරේදී අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා.

දඩුවම් ලිහිල් කරමින්, විනිසුරු රේමන්ඞ් ඩියරි ප්‍රකාශ කළේ මෙලෙස ඔවුන්ට දිගුකාලීන දඩුවම් නියම කිරීම සාධාරණ නොවන බව තමාට හැගී ගිය බවයි.

ත්‍රස්තවාදය යන්නෙහි අර්ථකථනය සහ ඒ පිළිබද ආකල්ප අද බෙහෙවින් වෙනස් වී ඇති බවත් ඇමරිකානු විනිසුරුවරයා මෙහිදී කියා සිටියා.