සාලියපුර බස්නැවතුම්පොලේදී වෑන් රියක්, බස් රථයක ගැටී 6 දෙනෙකුට තුවාල

Friday, 14 October 2016 - 8:10

%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+6+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
අනුරාධපුර - මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ සාලියපුර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ රාත්‍රී එහි බස් නැවතුම්පොලේ රැදී සිටි මගීන් නංවා ගැනීමට නැවැත්වූ පෞද්ගලික බස්රථයක් පිටුපස වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ.