හැටන් නගරයේ වෙළදසැලක ගින්නක්

Friday, 14 October 2016 - 9:56

%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
හැටන් නගරයේ වෙළදසැලක ඊයේ රාත්‍රීයේ ඇති වූ ගින්නක් හැටන් මහනගර සභාවේ ගිනි නිවන ඒකකය,පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව නිවා දමා තිබෙනවා.

හැටන් නගර මධ්‍යයේ ඩන්බාර් මාර්ගයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළදසැලක ඊයේ රාත්‍රී 10ට පමණ මෙම ගින්න ඇති වූ බව සදහන්.

වෙළදසැලේ තිබූ තීන්ත සහ ටිනර් වැනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර ගිය බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.

කෙසේ නමුත්, පැය දෙකක පමණ කාලයකදී ගින්න නිවා දැමීමට හැකිවී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

එහෙත්, වෙළදසැලට ගින්නෙන් විශාල වශයෙන් හානි සිදුව තිබෙනවා.