නොබෙල් තෑග්ග දිනූ බොබ් ඩිලන්ට ජනපති ඔබාමාගෙන් සුබ පැතුම්

Friday, 14 October 2016 - 10:03

%E0%B6%B1%E0%B7%9C%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%91%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%96+%E0%B6%B6%E0%B7%9C%E0%B6%B6%E0%B7%8A+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
මෙවර සාහිත්‍ය සදහා වන නොබෙල් ත්‍යාගය හිමිකර ගත් ප්‍රවීන ඇමරිකානු ගායක සහ ගීත රචක බොබ් ඩිලන්ට,ජනාධිපති බැරැක් ඔබාමා සුබ පැතුම් එක් කර තිබෙනවා.

75 හැවිරිදි බොබ් ඩිලන් සිය ගීත රචනා තුළින් ඇමරිකානු ගීතයට කාව්‍යමය සම්ප්‍රදායක් එක් කළ අතර, එය තමා ද අමන්දානන්දයට පත් කළ බවයි ජනාධිපති ඔබාමා කියා සිටියේ.

54 වසරක් පුරා සංගීත ක්ෂේත්‍රයේ රැදී සිටි බොබ් ඩිලන් නිරන්තරයෙන් ගීතයට නව අරුතක් එක් කරන බව ඔහුට නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනමමින් ස්වීඩන නොබෙල් කමිටුව ප්‍රකාශ කළා.