සද මතුපිට නොසන්සුන්

Friday, 14 October 2016 - 11:09

%E0%B7%83%E0%B6%AF+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A
චන්ද්‍රයා මතුපිට දැඩි ප්‍රචන්ඩකාරි ස්වරූපයක් දක්නට ලැබෙන අතර, එය නිරන්තරයෙන් අභ්‍යවකාශ අපද්‍රව්‍ය වල ප්‍රහාරයට ලක්වන බව නාසා විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

එය මෙතෙක් පැවති විද්‍යාඥ මතයට වඩා වෙනස් වූවක් ලෙසයි සැලකෙන්නේ.

පසුගිය සත් වසර තුළ සද මත නව ආවාට 200 ක් පමණ නිර්මාණය වී ඇති බව ද චන්ද්‍ර ගවේෂණ යානයකින් ලද තොරතුරු අනුව, නාසා විද්‍යාඥයන් හෙළිදරව් කළා.

එමෙන්ම, අභවකාශ අපද්‍රව්‍ය පතිත වීමෙන් ඇති වූ සලකුණු 47,000 ක් පමණ සද මතුපිට නිරීක්ෂණය වන බවයි නාසා ආයතනය ප්‍රකාශ කළේ.

චන්ද්‍රයාගේ වායුගෝලයක් නොතිබීම මෙලෙස එය මත අභවකාශ අපද්‍රව්‍ය ඍජුව පතිත වීමට මූලික හේතුවක්.