ඉලක්කය ඉහළ ආදායම් සහිත රටක් බවට පත්වීමයි - අගමැති

Friday, 14 October 2016 - 12:40

%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
ඉහළ ආදායම් සහිත රටක් බවට පත්වීම සදහා ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ සදහා ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතාවන් මෙන්ම, නව තාක්ෂණය උපයෝගි කර ගත යුතු බවයි ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ 110 වන සැසිවාරයට අද (14) උදෑසන එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

‘‘වසර 2030 වනවිට එනම්, තව දශක එකහමාරකින් ඉහළ ආදායම් සහිත රටක් බවට පත්වීම අපගේ අපේක්ෂාවයි. ගෝලීය ආර්ථිකය සැලකූ විට එය ආසියාකරය වෙත කේන්ද්‍රගත වන ආකාරය දැකිය හැකියි. ආසියාකරය මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාව ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගත යුතුයි. එය වඩාත් හොඳින් සිදුකළ හැකි ආකාරය පිළිබදවයි අපගේ අවධානය යොමුවී ඇත්තේ. 1977 මෙරට ආර්ථික විප්ලවයක් ඇති වනවිට චීනය සංවර්ධනය මූලාරම්භයේ පසුවුණා. චීනය මෙන්ම, වියට්නාමය ආදී රටවල් නිදහස් වෙළඳ කලාප බිහිකිරීම පිළිබදව ආදර්ශ ලබා ගත්තේ ශ්‍රී ලංකාවෙන්. එහෙත් ඔවුන් අද අප පසුකර ඉදිරියට ගොස් සිටිනවා. ඉහළ ආදායම් සහිත රටක් බවට පත්වීමට නම් අපට අහිමිවූ කාලය සහ අවස්ථාවන් ආපසු හැරවිය යුතු වනවා.’’