ඩොලර් බිලියන 5 ක අවි ගණුදෙනුවකට ඉන්දියාව සහ රුසියාව හෙට අත්සන් තබයි

Friday, 14 October 2016 - 12:43

%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+5+%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%9C%E0%B6%AB%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් වටිනා අවි ගණුදෙනුවකට රුසියාව සහ ඉන්දියාව හෙට අත්සන් තබනවා.

ඒ දැනට ලොව පවතින නවීනතම මිසයිල ආරක්ෂණ පද්ධතිය ලෙස සැලකෙන එස්. 400 වර්ගයේ මිසයිිල පද්ධති 5 ක් මිලදී ගැනීම සදහායි.

මෙම මිසයිල පද්ධතියට කිලෝමීටර් 400 ක් දක්වා දුරකින් පැමිණෙන මිසයිලයක් හෝ ගුවන් යානයක් ඉලක්ක කර ගත හැකියි.

එහි වැඩිදියුණු කළ රේඩාර් පද්ධතිය මගින් ඔත්තු බැලීමේ යානයක් වුව ද ග්‍රහණය කර ගත හැකි බව සදහන්.

බ්‍රික්ස් සමුළුව සදහා ඉන්දියාවේ - ගෝව පුරයට පැමිණෙන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හෙට මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බව ඉන්දිය මාධ්‍ය සදහන් කළා.

ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ පාකිස්ථානයෙන් හෝ චීනයෙන් එල්ල විය හැකි න්‍යෂ්ටික මිසයිල ප්‍රහාරයක් වැළැක්වීම සදහා රුසියානු මිසයිල ආරක්ෂණ පද්ධතිය වැදගත් වන බවයි.



ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More