ජනපති සහභාගි වූ උත්සවයකට උණ්ඩයක් ගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

Friday, 14 October 2016 - 12:43

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (13) සහභාගි වූ අනුරාධපුර - සල්ගාදු ක්‍රීඩාංගනයට පැමිණි ලොරි රථයක තිබී පාවිච්චි කරන ලද උණ්ඩයක් සොයා ගෙන තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයේ සෝදිසි රාජකාරිවල නිරතව සිටි විශේෂ කාර්ය බලකායේ පොලිස් නිලධාරින් විසින් සිදුකළ රථවාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීමේදී මෙම උණ්ඩය සොයා ගෙන ඇති බව සදහන්.

ඊයේ උදෑසන 8 යි 40 ට පමණ උත්සව භූමියට ඇතුළු වීමට පැමිණි ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී එහි ගමන් මල්ලක තිබී මෙම පාවිච්චි කරන ලද උණ්ඩය සොයා ගෙන තිබෙනවා.

ඉන් අනතුරුව අදාළ ලොරි රථයේ රියදුරා සහ පොලිස් භාරයට ගත් උණ්ඩය අනුරාධපුර පොලිසියට වැඩිදුර විමර්ශන සදහා භාර දී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.