ඊයේ වැඩිම වැස්ස යටියන්තොටට

Friday, 14 October 2016 - 12:47

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%BA%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%A7
නියං සමය නිමා කරමින් දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඊයේ (13) නැවතත් වැසි ඇද හැලූණු අතර, එහිදී වැඩි වර්ෂාපතනයක් ලැබී ඇත්තේ යටියන්තොට - මාලිබොඩ ප්‍රදේශයටයි.

මිලිමීටර් 76 යි දශම 2 වර්ෂාපතනයක් එම ප්‍රදේශයට ලැබී ඇති අතර මහියංගනයට මිලිමීටර් 64 යි දශම 9 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

උතුරුමැද, සබරගමුව, ඌව ඇතුළු පළාත් රැසකට අද පස්වරු 2 න් පසු නැවතත් වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.ප්‍රේමලාල් කියා සිටියේ.