කොළොම්බියා ජනපති සටන් විරාමය දීර්ඝ කරයි

Friday, 14 October 2016 - 12:55

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොළොම්බියානු රජය සහ ෆාක් ගරිල්ලන් අතර සාම ගිවිසුම රැක ගැනීම සදහා වැඩි අවස්ථාවක් ලබා ගැනීමේ අරමුණින් දෙපාර්ශවය අතර, සටන් විරාමය දීර්ඝ කිරීමට ජනාධිපති හුවාන් මනුවේල් සැන්ටෝස් තීරණය කර තිබෙනවා.

දෙපාර්ශවය අතර සටන් විරාමය අවසන් වීමට නියමිතව ඇත්තේ ඔක්තෝම්බර් 31 වනදායි.

52 වසරක සිවිල් යුද්ධය නිමා කරමින් කොළොම්බියානු රජය ෆාක් ගරිල්ලන් සමග සාම ගිවිසුමකට එළඹුන ද පසුව පැවති ජනමත විචාරණයේදී එය ප්‍රතික්ෂේප වුණා.

එහෙත්, සාම ගිවිසුම රැක ගැනීම සදහා තවදුරටත් කටයුතු කරන බවයි ජනාධිපති සැන්ටෝස් ප්‍රකාශ කළේ.

ඒ සදහා ඔහු ෆාක් ගරිල්ලා නායකයන් සමග කියුබාවේ - හවානා නුවරදී නැවතත් සාකච්ඡා පවත්වනු ඇති.