ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ තමන් බව පවසමින් විශ්‍රාමික හමුදා නිලධාරියෙකු දිවි නසා ගනී

Friday, 14 October 2016 - 15:27

%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%80%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ තමන් බව පවසමින් ලිපියක් ලියා තබා යුද හමුදාවේ විශ්‍රාමික බලයලත් නිලධාරියෙකු අද අලුයම ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

කෑගල්ල පොලිසිය සඳහන් කළේ කරඬුපන - දෙහිිපිටිය ප්‍රදේශයේ පදිංචි මොහු 52 හැවිරිදි තිදරු පියෙකු වන බවයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින බුද්ධි අංශ නිලධාරියා වන මලින්ද උදලාගම නිදහස් කරන ලෙසත් මෙම ලිපිය බුද්ධි අංශයට භාරදීමට කටයුතු කරන ලෙසත්, ඔහු එම ලිපියෙන් ඉල්ලා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහුගේ නිවසේ මුළුතැන්ගෙයි වහලයේ බාල්කයක නයිලෝන් ලණුවක් ආධාරයෙන් මෙම විශ්‍රාමික හමුදා නිලධාරියා ගෙළ වැළලාගෙන ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහරෝහලේදී සිදුකර තිබෙනවා.

එහිදී එම මරණය සිය දිවි නසා ගැනීමක් බව තහවුරු වී ඇති අතර අනතුරුව දේහය ඥාතීන්ට භාර දී තිබෙනවා.






ඔහු විසින් ලිය තැබූ ලිපිය පහතින්