අගමැති ඉලක්කය හෙළි කරයි

Friday, 14 October 2016 - 18:17

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් රජයේ මීළඟ ඉලක්කය සංවර්ධනයේ ඉදිරි පියවරවල් ළඟා කර ගැනීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ 110 වන වාර්ෂික සැසි වාරය අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ විදෙස් රටවල් සමඟ ඇති කර ගැනීමට අපේක්ෂා කරන වෙළඳ ගිවිසුම් මගින් මෙරට ඉංජිනේරුවන්ගේ තත්ත්වය බාලවීමක් සිදුනොවන බවයි.

මේ අතර, ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ලබා ගැනීම සඳහා යුරෝපා බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අනිද්දා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර බලා පිටත්ව යනවා.

එහිදී බෙල්ජියම් අග්‍රාමාත්‍ය චාල්ස් මිෂෙල් ඇතුළු එරට ඉහළ පෙළේ නායකයින් සමඟ සාකච්ඡා පවත්වනු ඔහු යුරෝපා සංගමයේ සහ යුරෝපා කවුන්සිලයේ සභාපතිවරුන් මෙන්ම ප්‍රධාන නිලධාරීන් ද හමුවීමට නියමිතයි.