කුණු ගොඩේ ගින්නෙන් ඌව පළාත් සභාව රත්වෙයි

Friday, 14 October 2016 - 18:31

%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8C%E0%B7%80+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බදුල්ල - වින්සන්ඩ්  ඩයස් ක්‍රීඩාංගණය අසළ පිහිටි කුණු කන්දේ හට ගත් ගින්න සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් අතර අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ඒ, අදාළ ගින්න සම්බන්ධයෙන් මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ඌව පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට උත්සාහ දැරීමත් සමඟයි.

පසුගිය ඉරිදා හට ගත් ගින්න හේතුවෙන් අවට පිහිටි පාසල් 5ක් ද තාවකාලිකව වසා දැමීමට සිදුවූ අතර පිට වූ දුමාරය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ශ්වසන අපහසුතා ද ඇති වුණා.

දින 4ක් පුරා පැවති ගින්න නිවා දැමීමට ගුවන් හමුදාවේ ද සහාය ලබා ගත්තා.

පළාත් සභාවට යෝජනාව ඉදිරිපත් කළ සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා කුණු කන්දේ හට ගත් ගින්නෙන් පසුව ඇති වූ අහිතකර තත්ත්වයන් සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ද ඉදිරිපත් කළා.

කෙසේ නමුත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පළාත් සභාවට යෝජනා අනවශ්‍ය බවයි.