වතු සේවක වැටුපට බාලගිරිදෝෂය

Friday, 14 October 2016 - 19:06

%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B6%BA
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ දැමීම සම්බන්ධයෙන් අද අත්සන් කිරීමට නියමිතව තිබූ සාමුහික ගිවිසුම අත්සන් කිරීම ලබන අඟහරුවාදා දක්වා කල් දැමූ බව කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න ප්‍රකාශ කළා.

ඒ, අද පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ ජාත්‍යන්තර සබඳතා සහ වෙළඳ කටයුතු අමාත්‍යාංශයේදියි.

ඊට අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න, නවීන් දිසානායක සහ රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් ද එක්ව සිටියා.

එම අවස්ථාවට එක්වූ වැවිළි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක කියා සිටියේ අද පස්වරුවේ මෙම වැටුප් ගැටළුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ ද සාකච්ඡාවෙන් පැවැත්වෙන බවයි.

මේ අතර, වතු කම්කරුවන් දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා සහ රුපියල් 730ක දෛනික වැටුප ඇතුළත් සාමුහික ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පළ කරමින් අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.