ජනපති අද ඉන්දියාවට

Saturday, 15 October 2016 - 7:23

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ලොව ප්‍රබල රටවල් රැසක සහභාගීත්වයෙන් පැවැත්වෙන බ්‍රික්ස් - බිම්ස්ටෙක් සමගාමී සමුළුවට එක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ඉන්දියාව බලා පිටත්ව යනවා.

ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනයකට අනුවයි.

එහිදී ජනාධිපතිවරයා සමුළුවට එක්වන රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්වි පාර්ශවික සාකච්ඡා පවත්වන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

මෙම සමුළුව අද සහ හෙට දෙදින පුරා ඉන්දියාවේ ගෝවා හිදී පැවැත්වෙනවා.

චීනය, රුසියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව යන නැගී එන ලෝක ආර්ථික බලවතුන්ගේ මෙන්ම බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, තායිලන්තය, ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍ය නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් එය පැවැත්වීම විශේෂත්වයක්.

සමස්ත ලෝක ජනතාවගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මෙම සංවිධානවලට අයත් වන අතර, ලෝකයේ ප්‍රබල රාජ්‍යයන්ට සමීපවීමට මෙමගින් ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසෙනවා.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ සිනමා, රූපවාහිනී සහ වේදිකා මෙන්ම සංගීත ක්‍ෂේත්‍රය නියෝජනය කරන කලාකරුවන් පිරිසක් හමුවුණා.

ජනාධිපති මන්දිරයේ පැවති එම හමුවේදී දේශීයත්වය ආරක්ෂා කර ගනිමින් කලා ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා ගත යුතු පියවර පිළිබඳව සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.