නව ජගත් මහ ලේකම්ට ශ්‍රී ලංකාවෙන් සුබපැතුම්

Saturday, 15 October 2016 - 7:57

%E0%B6%B1%E0%B7%80+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහ ලේකම්වරයා ලෙස තේරී පත්වී සිටින  පෘතුගාලයේ හිටපු අග්‍රාමාත්‍ය අන්ටෝනියෝ ගුටේරස්  වෙත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සුබපැතුම් පණිවුඩයක් යවා තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ පෘතුගාලයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙන්ම ජගත් සරණාගත කොමසාරිස්වරයා ලෙස ඔහුගේ පළපුරුද්ද 21 වන සියවසේ අභියෝග හමුවේ ජගත් සංවිධානයේ මෙහෙයවීමට උපකාරීවනු ඇති බවයි.

නව මහ ලේකම්වරයා ලෙස තෝරා පත්කරගැනීම සඳහා ඔහුට ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලැබුණු ඉහළ සහයෝගය ඔහු කෙරෙහි ඔවුන් තබා ඇති විශ්වාසය පිළිබිඹු කරන බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පෙන්වා දෙන්නේ.

 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව දශක හයකට වැඩි කාලයක් කටයුතු කළා.

පසුගිය 2015 වසර ජනාධිපතිවරණයෙන් පසු තේරී පත්වූ නව රජය ජගත් සංවිධානය සමඟ අර්ථවත් සහයෝගීතාවක් ගොඩනගමින් සිටිනවා.

නව මහ ලේකම්වරයාගේ නායකත්වය යටතේද ශ්‍රී ලංකාවට සහ ජගත් සංවිධානයට ඵලදායී සහයෝගීතාවක් අවබෝධයෙන් යුතුව පවත්වාගැනීමට හැකිවනු ඇති බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විශ්වාසය පළ කළා.