පොලීසියට පස් අවුරුදු සැලැස්මක්

Saturday, 15 October 2016 - 8:01

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
 මහජන අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ පස් අවුරුදු සැලැස්මක් සකස් කර ඇති බව පොලිස්පති පූජිත ජයසුන්දර පවසනවා.

එහි පළමු වැඩසටහන ලෙස මේ මස 30 වන දා සිට නොවැම්බර් 30 වන දා දක්වා දිවයිනේ සෑම පොලිස් බල ප්‍රදේශයකම තෝරා ගත් ග්‍රාම සේවා වසම් කිහිපයක ජංගම පොලීසියක් ස්ථාපිත කෙරෙනු ඇති.

පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොලීසියට වසර 150ක් පිරීම නිමිත්තෙන් යාපනයේ ඊයේ් පැවැති විශේෂ සැමරුම් උත්සවයකට එක්වෙමින්.