කොස්ගොඩ - හෑගල්ලෙන් ටී 56 ජීව උණ්ඩ 18 ක් සහ පුපුරණ ද්‍රව්‍ය මතුවේ

Saturday, 15 October 2016 - 12:58

%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+-+%E0%B7%84%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%93+56+%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B6%8B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+18+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A
කොස්ගොඩ - හෑගල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක සඟවා තිබූ ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 18 ක් සහ සී ෆෝ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 200 ක් සොයාගෙන තිබෙනවා.

කොස්ගොඩ පොලීසිය වෙත ලද තොරතුරක් මත අද අලුයම සිදුකළ සෝදිසියකදී මේවා සොයාගත් බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ.

අදාළ ඉඩමේ හිමිකරුගෙන් මේ වනවිට පොලීසිය ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර, කවුරුන් විසින් එම ජීව උණ්ඩ සහ පුපුරණ ද්‍රව්‍ය සඟවා තැබුවේද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා කොස්ගොඩ පොලීසිය විශේෂ කණ්ඩායමක් පත්කර ඇති අතර,පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් ඒවා සඟවා තබන්නට ඇති බවටයි සැක මතුව ඇත්තේ.