ඉරාකයේ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක්

Saturday, 15 October 2016 - 16:38

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉරාකයේ බැග්ඩෑඩ් නුවර ආසන්න ප්‍රදේශයක සිදුවු බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 30 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

තවත් 60 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

සැමරුම් උත්සවයකට සහභාගී වී සිටි පිරිසක් ප්‍රහාරයේ ඉලක්කය වී ඇතැයි සඳහන්.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකුත් භාරගෙන නැහැ.

කෙසේවෙතත් අයි එස් කැරළිකරුවන් මෙම මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම සිදු කරන්නට ඇති බවටයි ඉරාක බලධාරීන් සැක පළකරන්නේ.