ජනපති ඉන්දියාවට

Saturday, 15 October 2016 - 18:13

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
බ්‍රික්ස් - බිම්ස්ටෙක් සමගාමී සමුළුවට සහභාගි වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කලේ රාත්‍රී 7 ට ජනාධිපතිවරයා ඇතුලු දුත පිරිස ඉන්දියාව බලා පිටත්වු බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වනවා.

එහිදී ජනාධිපතිවරයා සමුළුවට එක්වන රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්වි පාර්ශවික සාකච්ඡා පවත්වන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

මේ අතර, පොදුරාජ්‍ය මණ්ඩලීය වෛද්‍ය සංගමයේ 24 වන සම්මේලනය ඊයේ කොළඹදී ආරම්භ වුණා.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

මෙවර එහි තේමාව වන්නේ සෞඛ්‍ය සහ යහපැවැත්ම සදහා ඩිජිටල් තාක්ෂණය යන්නයි.

මෙම තේමාව ඉතා කාලෝචිත වන බව සමාරම්භක උත්සවය ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

එය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වැඩි කිරීම සදහා පිටිවහලක් වන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.