නොරොච්චෝලේ තවමත් අක්‍රියයි

Saturday, 15 October 2016 - 18:18

%E0%B6%B1%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9D%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සම්ප්‍රේෂණ මාර්ගයක සිදුවූ දෝෂයක් හේතුවෙන් අක්‍රිය වූ නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ විදුලි ජනන කටයුතු මෙතෙක් ආරම්භ කර නැහැ.

කොත්මලේ සිට අනුරාධපුරය දක්වා විදුලිය සම්ප්‍රේෂණය මාර්ගයේ හටගත් දෝෂයක් හේතුවෙන් අද (15) දහවල් එම බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වුණා.

ඒ හේතුවෙන් උතුර, උතුරුමැද හා නැගෙනහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලට මෙන්ම දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක හදිසි විදුලිය බිද වැටීමක් සිදුවූ බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, කෙටි කාලයක් තුළ එය යථා තත්ත්වයට පත් කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගත්තා.

නොරොච්චෝලේ බලාගාරය නතර වීමෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900 ක ධාරිතාවක් අහිමි වී තිබෙනවා.

කෙසේ වෙතත් එය පෞද්ගලික බලාගාර ඇතුළු දිවයිනේ අනෙකුත් බලාගාර වලින් සපුරා ගැනීමට බලාපොරොත්තු වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ.