දැරියන් සිව් දෙනෙකුට අතවර කළ කට්ටඩියෙකු අල්ලයි

Saturday, 15 October 2016 - 19:16

%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
දැරියන් සිව් දෙනෙකු වරින් වර අතවරයට ලක් කළ 65 හැවිරිදි කට්ටඩියෙකු මැද මහනුවර - රජගල ප්‍රදේශයේදී මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය අද (15) අත්අඩංගුවට ගත්තා.

සැකකරුගේ නිවස ආසන්නයේ පදිංචි මෙම දැරියන්ට මුදල් සහ පළතුරු වර්ග කෑමට දී ඔහු මෙලෙස අතවර කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඒ පිළිබදව තොරතුරු හෙළිකළ හොත් මන්ත්‍ර බලයෙන් දැරියන් සහ පවුල්වල සාමාජිකයන් මරා දමන බවට ද සැකකාර කට්ටඩියා තර්ජනය කර තිබෙනවා.

දැරියන්ගෙන් ලැබුණු තොරතුරුවලට අනුව ඔහු තවත් දැරියන් කිහිපදෙනෙකුට අතවර කර ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

සැකකරු තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලැබුණු ලිපියකට අනුවයි මෙම සිද්ධිය පිළිබද විමර්ශන ආරම්භ කර ඇත්තේ.