ඖෂධ මිල අඩු කෙරෙන ගැසට් පත්‍රය ලබන සතියේ

Sunday, 16 October 2016 - 6:45

%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යටතේ මිල අඩු කිරීමට නියමිත අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 47 ට අදාළ ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී එම තීරණයට එළඹුණු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ වනවිට එම ඖෂධ වර්ග 47 ට අදාළ මිල ගණන් සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව සඳහන්.

ඒ අනුව ඉදිරි කැබිනට් රැස්වීමෙන් අනතුරුව මෙම ගැසට් පත්‍රය නිකුත් කරනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 47ක මිල ජාතික ඖෂධ ප්‍රතිපත්තියෙන් අඩු කරන බව පසුගිය මස 23 වනදා පැවති මහාචාර්ය සේනක බිබිලේ සමරු උත්සවයට කොළඹ දී එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියා.