නොරොච්චෝලේ අද යථා තත්ත්වයට පත්වන ලකුණු

Sunday, 16 October 2016 - 7:20

%E0%B6%B1%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9D%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
සම්ප්‍රේෂණ මාර්ගයක සිදුවූ දෝෂයක් හේතුවෙන් ඊයේ අක්‍රිය වූ නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ විදුලි ජනන කටයුතු අද දිනයේදී යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විශ්වාසය පළ කරනවා.  

එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ මේ වනවිට එය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි.

කොත්මලේ සිට අනුරාධපුරය දක්වා විදුලිය සම්ප්‍රේෂණය මාර්ගයේ හට ගත් දෝෂයක් හේතුවෙන් ඊයේ එම බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වුණා.

ඒ හේතුවෙන් උතුර, උතුරුමැද හා නැගෙනහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලට මෙන්ම දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක හදිසි විදුලිය බිද වැටීමක් සිදුවූ බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.  

නොරොච්චෝලේ බලාගාරය නතර වීමෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900 ක ධාරිතාවක් අහිමිවී තිබෙනවා.

කෙසේ වෙතත් එය පෞද්ගලික බලාගාර ඇතුළු දිවයිනේ අනෙකුත් බලාගාර වලින් සපුරා ගැනීමට බලාපොරොත්තු වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ.  

මේ අතර, ලංකා විදුලි සේවක සංගමයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව ඊයේ මරදානේදී පැවැත්වුණා.