බ්‍රික්ස් - බිම්ස්ටෙක් සමගාමී සමුළුවට එක්වීමට ජනපති ඉන්දියාවට

Sunday, 16 October 2016 - 7:24

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+-+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
බ්‍රික්ස් - බිම්ස්ටෙක් සමගාමී සමුළුවට සහභාගි වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ රාත්‍රි 07 ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 171 දරන යානයෙන් ඉන්දියාව බලා පිටත්ව ගියා.

මෙවර සමුළුවේ සත්කාරකත්වය සහ සභාපතීත්වය ඉන්දියාවට හිමිව ඇති අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා ඊට එක්වන්නේ.

එහිදී ජනාධිපතිවරයා සමුළුවට එක්වන රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පවත්වන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

ලෝකයේ බලවතුන් වීමට තරඟ කරන ප්‍රබල රාජ්‍යයන් සමඟ එක්වීමට මැදි ආදායම්ලාභී රටක් ලෙස ශ්‍රී ලංකාවට මෙහිදී අවස්ථාව සැලසෙනවා.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන තුන්වන ලෝකයේ සහ නැගී එන ආර්ථිකයන් නියෝජනය කරන රටවල් පහේ මුලකුරු සැකසීමෙන් බ්‍රික්ස් සංවිධානයේ නම නිර්මාණය වී තිබෙනවා.

ලොව ධනවත් රටවල් හත එක්ව පිහිටුවාගෙන ඇති ජී හත සංවිධානයට විකල්පයක් ලෙස 2010 වසරේදී පිහිටුවාගත් බ්‍රික්ස් සංවර්ධනය වෙමින් පවත්නා රටවල් සඳහා වෙනම බැංකුවක්ද පිහිටවනු ලැබුවා.

එය බීම්ස්ටෙක් හෙවත් ඉන්දීය සාගරය වටා පිහිටි රටවල සංවිධානය සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන යන අතර, බ්‍රික්ස් - බිම්ස්ටෙක් සමගාමී සමුළුවක් පැවැත්වෙන්නේ තාක්ෂනික කරුණු පිිළිබඳව සළකා බැලීමටයි.

ඒ අනුව ශ්‍රී ලංකාවද මෙම සමුළුවට එක්වීමෙන් බ්‍රික්ස් සහයෝගීතාව හිමිවනු ඇති.

මේ අතර යුරෝපා සංගමයේ නියෝජිතයන් මුණගැසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද අලූයම බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර බලා නික්ම ගියා.

එමිටේර්ස් ගුවන් යානයකින් අග්‍රාමාත්‍යවරයා අද අලූයම 3.15 ට පමණ දිවයිනෙන් නික්මුණු බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.