යාපනයෙන් කේරළ ගංජා කිලෝ 266 ක් අත්අඩංගුවට (ඡායාරූප)

Sunday, 16 October 2016 - 9:25

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+266+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යාපනයේ පේදුරුතුඩුව සහ මාදගල් මුහුුදු තීරයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලින් රුපියල් කෝටි දෙකහමාරකට වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 266 ක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය සහ කන්කසන්තුරේ කොට්ඨාශ දූෂණ මර්දන අංශ මගින් මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ අවස්ථා හතරකදීයි.

ඉන් කේරළ ගංජා කිලෝග්‍රෑම් 130 ක් යාපනය - ඉලවාලෙයි, මාදගල් මුහුදු තීරයේ උර්දුමගල් දේවස්ථානය අසළ පාවෙමින් තිබූ පාර්සල් 34 ක තිබියදි හමුවී තිබෙනවා.

එහිදී සැකකරුවන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.




ඡායාරූප- වන්නි රොමේෂ් මධුසංක