(Update) කසල නිසා ජාඇළ අදත් උණුසුම්

Sunday, 16 October 2016 - 10:17

%28Update%29+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%A2%E0%B7%8F%E0%B6%87%E0%B7%85+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
කොළඹ මහනගර සභාව සහ ජා - ඇළ නගර සභාව එක්රැස් කරන කුණු කසළ ජා-ඇළ -කොටුගොඩ ප්‍රදේශයට බැහැරකරලීමේ සුදානමක් පවතින බව පවසමින් ප්‍රදේශවාසීන් අද උදැසන විරෝධතාවයක නිරත වුණා.

කොටුගොඩ - පල්ලිය හංදිය ප්‍රදේශයේදී කොළඹ -මිනුවන්ගොඩ මාර්ගය අවහිර කරමින් පැවති විරෝධතාවය නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා එල්ලවු බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

මෙලෙස කුණු කසළ බැහැරකරනු ලැබුවහොත් ජා -ඇල ඇතුඵ ප්‍රදේශ ගණානාවකට පානීය ජලය සපයනු ලබන දඬුගම්ඔය ද අපවිත්‍රවීමේ අවදානමක් පවතින බව විරෝධතාකරුවන් ප්‍රකාශ කළා.  

පසුගිය දා ඒකල ප්‍රදේශවාසීන් ද මෙවැනිම විරෝධතාවයක නිරත වුණේ මීතොටමුල්ල කුණු කන්ද ඒකල ප්‍රදේශයට රැගෙන ඒමේ සුදානමක් පවතින බවට චෝදනා කරමින් . 

Update- Sunday, October 16, 2016 1.17
--------------------------------------------------------
ජාඇළ - කොටුගොඩ - මස්කඩේ හන්දිය ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට මිනුවන්ගොඩ - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

වෙනත් ප්‍රදේශවල කුණු කසල කොටුගොඩ ප්‍රදේශයට බැහැර කරලීම නිසා එම ප්‍රදේශයේ ජල මූලාශ්‍ර අපවිත්‍රවී ඇති බව පවසමිනුයි ප්‍රදේශවාසීන් මෙම විරෝධතාව පවත්වන්නේ.