පක්ෂ හැදුවොත් වෙන්නේ මේකලු

Sunday, 16 October 2016 - 12:09

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%9A%E0%B6%9A%E0%B6%BD%E0%B7%94
නව පක්ෂයක් සෑදීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින්නේ නිදහස් පක්ෂයේ වුවමනාව මත නොවන බව එම පක්ෂයේ  තරුණ පෙරමුණේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  ශාන්ත බණ්ඩාර ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල - ගලිගමුව ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.

‘‘පක්ෂයක් හදන්න  ඕන ප්‍රතිපත්ති හා දර්ශනය එක්ක. පුද්ගලයෝ එක්ක නෙමේ. ඒ පුද්ගලයෝ එක්ක හැදිච්ච දේශපාලන පක්ෂ ඔක්කොම ලත් තැනම ලොප් වුණා. අපේ රටේ තියෙනවා ලියාපදිංචි පක්ෂ 63 ක්. මේ 63 න්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවාද? ..... අවසානයේදී අලුත් පක්ෂයක් හැදුවේ සරත් ෆොන්සේකා මැතිතුමා. 2010 ජනාධිපතිවරණයේදී ලක්ෂ 46 යි. ගිය මහ මැතිවරණයත් ඉල්ලුවට මොකද වුණේ ඔක්කොම එකතු කරලා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක්වත් හදන්න බැරිවුණා. අන්න ඒක තමයි අලුත් පක්ෂ හැදුවාම වෙන්නේ කියලා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අය දන්නවා. ඒ නිසා කුමාර වෙල්ගම මැතිතුමාලා, ඩලස් අලහප්පෙරුම මැතිතුමාලා, මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාලා කියනවා ඔය බොරු වැඩ කරන්න එපා කියලා. හැබැයි අපට පේන විදිහට මේ පක්ෂ හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වුවමනාවට හෝ ශ්‍රී ලංකා කාරයෝ ආරක්ෂා කරන්න නෙමේ. වෙනත් දේශපාලන පක්ෂවල වුවමනාවට.’’