විදුලි කප්පාදුවක් සිදුවිය හැකියි - විදුලිබල ඇමති කියයි

Sunday, 16 October 2016 - 12:43

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නොරොච්චෝලේ ගල් අඟුරු තාප විදුලි බලාගාරය අක්‍රියවීම හේතුවෙන් විදුලිය කප්පාදුවක්  සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා  අද උදෑසන නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරය නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක්වූයේ මාධ්‍ය කණ්ඩායමක්ද සමඟින්.

සම්ප්‍රේෂණ මාර්ගයක සිදුවූ දෝෂයක් හේතුවෙන් ඊයේ නොරොච්චෝලේ ලක් විජය තාප විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු අක්‍රිය වුණා.

විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් දින පහක් පමණ ගතවිය හැකි බවයි.

ඒ හේතුවෙන් විදුලිය කප්පාදුවක් සිදුවන්නේ නම් හෙට දිනයේදී ඒ පිළිබඳ දැනුම්දීමක් සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළා. 

නොරොච්චෝලේ බලාගාරය අක්‍රියවීමෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගවොට් 900 ක ධාරිතාවක් අහිමිවුණා.

ඒ හේතුවෙන් ඊයේ දිනයේදී උතුර, උතුරුමැද හා නැගෙනහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලට පැයක පමණ කාලයක් විදුලිය බිද වැටීමක් සිදුවූ අතර එය යථා තත්ත්වයට පත් කෙරුණා.

ඒ අනුව හෙට සිට දිනක විදුලි පරිභෝජනයෙන් හයෙන් එකක් කළමනාකරණය කර ගැනීමට සිදුව ඇති බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.