රජයේ සේවකයින් පාලනය කරන්න එන්න එපා - ඇමතිවරයෙකු පොලීසියට කියයි

Sunday, 16 October 2016 - 18:43

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රජයේ සේවකයින් පොලිස් ආඥා පනතින් පාලනය කළ නොහැකි බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ල - ලබුදුව සිරිධම්ම විද්‍යාලයේ අද පැවති උත්සවයකට එක්වෙමින්.  

 "මම පොඩි වැඩකට රජයේ සේවකයෙකුට කතා කළාම මට ඉදන් කියනවා FCID යන්නද කියන්නේ කියලා. මම කිව්වා නෑ ගෙදර යන්න කියලා. ඇයි FCID එකට බය වෙන්නේ. රජයේ සේවකයෝ පාලනය වෙන්නේ නෑ පොලිස් ආඥා පනත යටතේ. රජයේ සේවකයෝ පොලිසියට පාලනය කරන්න පුඵවන් ක්‍රිමිනල් අවස්ථාවක විතරයි. බී රිපෝර්ට් එකක් දලා අත්අඩංගුවට ගන්න පුඵවන් ලේකම්ට කියන්න ඕන නෑ. මගේ අමාත්‍යාංශයෙත් එක්කෙනෙකුට දෙන්නෙකුට එන්න කියලා තිබුණා FCID එකට මම කිව්වා යන්න එපා කියලා. මම FCID එකට කතා කරලා කිව්වා අයිසේ මේ පිස්සු නටන්නේ නැතුව ආයතන සංග්‍රහයේ මොනවාහරි තියෙනවා නම් අපේ ලේකම්ට එවනවා කියලා විස්තර. මොකද ක්‍රමවේදය කියලා තියෙනවා. ඒක ඔය ගොල්ලොත් වැඩේ කරනකොට රජයේ සේවකයො දැනගන්න ඔනේ කියන්න අපි කරලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වැඩ කරලා තියෙනවා කියලා. පසුගිය අවුරුදු 10 යේ මේ ඉන්න රජයේ සේවකයො මහින්ද චින්තනය ක්‍රියාත්මක කළා නම් ඒ නිළධාරි බොහොම හොදයි දක්ෂයි මම ආරක්ෂා කරනවා බය වෙන්න එපා.’’

මෙම අවස්ථාවට  දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නිමල් ලන්සා, නිශාන්ත මුතුහෙට්ටිගම, මනූෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි, දකුණු පළාත් අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ක්ෂේත්‍ර නිලධාරීහු සහභාගී වී සිටියා.