ගැඹුරු සබැඳියාවකට අගමැති මෝදිගෙන් ජනපතිට ඇරයුම්

Sunday, 16 October 2016 - 18:59

%E0%B6%9C%E0%B7%90%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
ඉන්දියාවේ ගෝව නගරයේ පැවැත්වෙන බ්‍රික්ස් - බිම්ස්ටෙක් සමගාමී සමුළුවට සහභාගි වී සිටින රාජ්‍ය නායකයන් රැසක් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද සාකච්ඡා පවත්වනු ලැබුවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමුළුවට සිදුකළ ආරාධනය සම්බන්ධයෙන් ස්තූතිය පළ කළ අතර, මෙමගින් දෙරට අතර පවතින දිගුකාලීන මිතුදම තවදුරටත් ශක්තිමත් වන බව සදහන් කළා.

සම්මුතීන් සහ රීතිවලින් එපිටට ගිය ගැඹුරු සබඳතාවක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට ආරාධනා කරන බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමුළුවට පැමිණීම කලාපයටම ශක්තියක් බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර, නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහය පිළිබදව කෘතවේදී වන බව නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමාල් දහල් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී කියා සිටියා.

සාක් රාජ්‍ය නායක සමුළුව කඩිනමින් පැවැත්වීමට ලැබෙනු ඇතැයි මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ වෙනුවෙන් සියලු සාක් රටවල් එක්ව කටයුතු කළ යුතු බව ද අවධාරණය කළා.

අනතුරුව භූතාන අග්‍රාමාත්‍ය ශරීන් ටෝබ්ගේ සහ ජනාධිපතිවරයා අතර නිළ සාකච්ඡා පැවැත්වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

භූතානයේ බෞද්ධ අධ්‍යාපනය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහය අපේක්ෂා කරන බව එහිදී එරට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මියන්මාර විදේශ කටයුතු ඇමතිනී අවුන්සාන් සුකී අතර හමුවක් ද අද සිදුවුණා.

ශ්‍රී ලංකාව තුළ සිදුවන ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය ඇය ඇගයීමට ලක් කළ අතර, මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ඇත් පැටවෙකු ලබාදීමට ද කැමැත්ත පළ කළා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන චීන ජනාධිපතිවරයා ඇතුළු තවත් රාජ්‍ය නායකයන් රැසක් මෙම සංචාරයේදී හමුවීමට නියමිතයි.