ශ්‍රී ලංකාව කලාපීය තාක්ෂණික මූලස්ථානයක් බවට පත් කිරීමට සූදානම් ජනපති බිම්ස්ටෙක් සමුළුවේදී කියයි

Monday, 17 October 2016 - 7:35

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%93%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A++%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බෙංගාල බොක්ක අවට රටවල ආර්ථික සහ සහයෝගීතා සංවිධානය හෙවත් බිම්ස්ටෙක් කලාපය තුළ තාක්ෂණ සහයෝගීතාවයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ඔහු කියා සිටියේ ඒ වෙනුවෙන් ආයතනයක්ද ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඉන්දියාවේ ගෝව නගරයේදී ආරම්භ කෙරුණු බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව ඊයේ අමතමින්.

බ්‍රික්ස් සමුළුවට සමගාමීව පැවති මීට ශ්‍රී ලංකාව, තායිලන්තය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය සහ බංග්ලාදේශය යන බිම්ස්ටෙක් කලාපයට අයත් රටවල රාජ්‍ය නායකයන් සහභාගි එක්ව සිටිනවා.  

එමෙන්ම ඉන්දියාවේ ගෝව නගරයේ පැවැත්වෙන බ්‍රික්ස් - බිම්ස්ටෙක් සමගාමී සමුළුවට සහභාගි වී සිටින රාජ්‍ය නායකයන් රැසක් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ සාකච්ඡා පැවැත්වූවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමුළුවට සිදුකළ ආරාධනය සම්බන්ධයෙන් ස්තූතිය පළ කළ අතර, මෙමගින් දෙරට අතර පවතින දිගුකාලීන මිතුදම තවදුරටත් ශක්තිමත් වන බව සදහන් කළා.

සම්මුතීන් සහ රීතිවලින් එපිටට ගිය ගැඹුරු සබඳතාවක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට ආරාධනා කරන බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

මේ අතර, නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහය පිළිබදව කෘතවේදී වන බව නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමාල් දහල් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී කියා සිටියා.

අනතුරුව භූතාන අග්‍රාමාත්‍ය ශරීන් ටෝබ්ගේ සහ ජනාධිපතිවරයා අතර නිළ සාකච්ඡා පැවැත්වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මියන්මාරයේ විදේශ කටයුතු ඇමතිනිය මෙන්ම එරට රජයේ විශේෂ නියෝජිතවරිය වන අවුන්සාන් සුකී අතර හමුවක් ද ඊයේ සිදුවුණා.