ජී.එස්.පී. ප්ලස් නැවත ගැනීමේ සාකච්ඡා අද ඇරඹේ

Monday, 17 October 2016 - 7:55

%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.+%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ශ්‍රී ලංකාවට අහිමි වූ GSP ප්ලස් සහනය නැවත ලබා ගැනීම සඳහා බ්‍රසල්ස් නුවරට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, යුරෝපා කොමිසම, යුරෝපා සංගමය සහ යුරෝපා පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ අද සිට සාකච්ඡා ආරම්භ කරනවා.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඊයේ පස්වරුවේ බ්‍රසල්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අගනුවර වෙත ළඟා වූ අතර එහිදී ඔවුන් පිළිගනු ලැබුවේ බෙල්ජියම් හි ශ්‍රී ලංකා තානාපති රොඞ්නි පෙරේරා සහ තානාපති කාර්යාල නිලධාරීන් විසින්.

මෙහිදී අදහස් දැක්වූ බෙල්ජියම් හි ශ්‍රී ලංකා තානාපතිවරයා කියා සිටියේ ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ශ්‍රී ලංකාවට හිමි වුවහොත් මිලියන 500ක ජනගහනයකින් යුත් යුරෝපීය වෙළඳපළ තුළ ශ්‍රී ලංකාවේ මුදල් සංචිතය සියයට 10ත්, 20ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි.