කාන්තාවන් දෙදෙනෙකු අනවසර විදුලි රැහැනක ගැටේ එක් කාන්තාවක් මරුට

Monday, 17 October 2016 - 9:25

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පුත්තලම - කරුවලගස්වැව - නෙළුම්ගම ප්‍රදේශයේ අනවසර විදුලි රැහැනක පැටලී කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පෞද්ගලික ඉඩමකට වන අලින් පැමිණීම වැළැක්වීම සඳහා ඇද තිබූ විදුලි රැහැනක පැටලී ඊයේ පස්වරුවේ මෙම කාන්තාවන් දෙදෙනා අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කළුවර ගස්වැව ප්‍රදේශයේම පදිංචි 56 හැවිරිදි කාන්තාවක්.