ජනපති, රුසියානු සහ චීන ජනපතිවරුන් හමුවෙයි

Monday, 17 October 2016 - 12:00

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්-පින් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙහිදී රුසියාවේ සංචාරයකට පැමිණෙන ලෙස එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ආරාධනාවක්ද සිදුකළ බවයි.

ඉන්දියාවේ ගෝවා නගරයේ ආරම්භවුණු බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ අමතනු ලැබුවා.

එහිදී ශ්‍රී ලංකාව කලාපයේ තාක්ෂණික සහයෝගීතා මූලස්ථානය බවට පත් කිරීමට සූදානම් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.