නව ව්‍යවස්ථාව ගැන සුමන්දිරන්ගෙන්

Monday, 17 October 2016 - 12:29

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ජනාධිපතිවරයාගේ විධායක බලතල ඉවත් කිරීම මෙන්ම බලය බෙදාහැරීම සම්බන්ධයෙන් තීරණ නව ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් වන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දරන් පවසනවා.

වවුනියාව ප්‍රදේශයේ ඊයේ පැවති ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභා කමිටු රැස්වීමකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

 ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් දෙමළ සන්ධානය වෙත පැවරී ඇති වගකීම්වලින් සියයට 90 ක් පමණ මේ වනවිට අවසන් වී ඇති බවයි.  

ඒ අනුව ඉදිරි මාස දෙක තුළ ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කෙටුම්පතක් එළිදැක්වීමට නියමිත බවද මන්ත්‍රීවරයා කියා සිටියා.