තඹුත්තේගම දුම්රිය ස්ථානයට ප්‍රහාරයක් (ඡායාරූප)

Monday, 17 October 2016 - 12:31

%E0%B6%AD%E0%B6%B9%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බීමතින් පැමිණි පිරිසක් තඹුත්තේගම දුම්රිය ස්ථානයට අලාභ හානි කර එහි සිටි දුම්රිය ස්ථානාධිපතිවරයාට පහර දී තිබෙනවා.

ඊයේ පස්වරුවේ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිදු කළ මෙම පහර දීමෙන් තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා මේ වනවිට තඹුත්තේගම රෝහලට ඇතුලත් කර තිබෙන අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙම පිරිස ඊයේ පස්වරුවේ සිට තඹුත්තේගම දුම්රිය වේදිකාවේ කොනක මත්පැන් පානය කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී එහි සේවකයන් විසින් මෙම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා.

එහිදී අදාල පිරිස සේවකයන්ට බැණ වදිමින් ඉන් ඉවත් වුවද පසුව නැවතත් දුම්රිය වේදිකාවට පැමිණ දුම්පානය කරමින් සිටියදී දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් ඔවුන්ට යලිත් දුම්රිය වේදිකාවෙන් ඉවත්වන ලෙස නියෝග කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේදී දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති අතර පසුව බිමත්ව සිටි පිරිසෙන් කිහිප දෙනෙකු පොලූ මුගුරු සහිතව පැමිණ දුම්රිය ස්ථානයේ වීදුරු වලට සහ දොරවල් කිිහිපයක අලාභ හානි සිදු කර තිබෙනවා.

මෙම ගැටුමට දුම්රිය ස්ථානාධිපතිවරයා මැදිහත් වීමත් සමඟ ඔහුට ද මෙම පිරිස පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පහර දීම අතරතුර තඹුත්තේගම දුම්රිය ස්ථානයේ සේවකයන් විසින් එක් සැකකරුවෙකු අල්ලාගෙන තඹුත්තේගම පොලිසියට භාර දි තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජාංගනය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි   තරුණයෙකු වන අතර ඔහු අද තඹුත්තේගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



ඡායාරූප - ගල්ගමුව රොෂාන් රණසිංහ