අයි.එස්. ත්‍රස්තයන් මොසුල් නගරයේ නටඹුන් වනසයි

Monday, 17 October 2016 - 12:38

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9C%E0%B7%83%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A7%E0%B6%B9%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%83%E0%B6%BA%E0%B7%92
ඉරාකයේ මොසුල් නගරයේ පිහිටි ප්‍රතිමා ඇතුලූ පෞරාණික නටඹුන් අයි.එස්. ත්‍රස්තයන් විසින් විනාශ කරමින් සිටින බව විදෙස් වාර්තා පවසනවා.

අයි. එස්. ත්‍රස්තයන් මෙම නටඹුන් විනාශ කරන දර්ශන ඇතුළත් වීඩියෝ පටයක්ද නිකුත් කර ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

එහෙත් ඉරාක, ජාතික කෞතුකාගාර අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේ අයි.එස්. ත්‍රස්තයන් විසින් මෙලෙස විනාශ කරන නටඹුන් ව්‍යාජ ඒවා බවයි.

එහි සැබෑ ප්‍රතිමා බැග්ඩෑඩ් අගනුවර සුරක්ෂිතව සඟවා ඇති බවද ඔහු සඳහන් කළා.

එහෙත් වසර 3000 ක් පමණ පැරණි ප්‍රතිමා දෙකක් පමණක් අයි.එස්. ත්‍රස්තයන් විසින් විනාශ කර ඇති බවට කෞතුකාගාර අධ්‍යක්‍ෂවරයා පිළිගෙන තිබෙනවා.

අයි.එස්. ග්‍රහණයේ පවතින මොසුල් නගරය මුදාගැනීම සඳහා ඇමරිකානු සහය ඇතිව ඉරාක හමුදා මේ වනවිට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඉරාකයේ දෙවන විශාලතම නගරය වන මොසුල්  අයි.එස්. ත්‍රස්තයින්ගේ අවසන් බලකොටුව ලෙසයි සැළකෙන්නේ.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ මොසුල්හි සිටින මිලියන 1.5 ක ජනතාවගේ ජීවිත මේ වනවිට අවදානමකට ලක්ව ඇති බවයි.