පාකිස්තානයේ බස් අනතුරකින් 30 දෙනෙකු මිය යයි

Monday, 17 October 2016 - 14:36

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+30+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දකුණුදිග පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ මගී බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් ඒවායේ ගමන් ගත් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් 30 දෙනෙකු පමණ මෙහිදී තුවාල ලබා ඇතැයි සඳහන්.

පන්ජාබ් ප්‍රාන්තයේ ලාහෝර් අගනුවරට කිලෝමීටර් 600ක් පමණ දකුණෙන් වූ රහීම් - යාර් - ඛාන් ප්‍රදේශයේදී අද අලූයම 6ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

පාකිස්තාන අගමැති නවාෂ් ශරීෆ් බස් අනතුරෙන් මිය ගිය සහ තුවාල ලැබූවන්ගේ පවුල් වෙත ශෝකය පළ කිරීමේ නිවේදනයක් නිකුත් කළා.