Update: විදුලිය අත්හිටුවීමේ කාලය අඩු කෙරේ

Monday, 17 October 2016 - 14:41

Update%3A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය අක්‍රියවීම හේතුවෙන් යෝජනා කෙරුණු විදුලි විසන්ධි කිරීමේ කාලසීමාව අඩු කිරීමට විදුලිබල අමාත්‍යාංශය අද පස්වරුවේ පියවර ගත්තා.

ඒ අනුව උදෑසන පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැය භාගයක් විදුලිය විසන්ධි කරන බවයි විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වීම නිසා පැය 3 හමාරක් විදුලිය විසන්ධි කරන බව විදුලිබල අමාත්‍යාංශය අද උදෑසන නිවේදනය කළා.

ඒ අනුව උදෑසන පැය දෙක හමාරක කාලයක් සහ රාත්‍රියේ පැයක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමටයි විදුලිබල අමාත්‍යාංශය තීරණය කළේ.

කෙසේ වෙතත්, ජල විදුලිය වැඩි වශයෙන් උත්පාදනය කිරීම සඳහා ප්‍රමාණවත් ජලය මුදා හැරීමට මහවැලි අධිකාරිය එකඟ වී ඇති නිසා එම කාලසීමාව අඩු කරන බවයි අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.

සම්ප්‍රේෂණ මාර්ගයක සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාවිරහිත වූයේ පසුගිය සෙනසුරාදායි.

මේ නිසා ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900ක ධාරිතාවක් අහිමිවුණා.

කෙසේ වෙතත්, අද පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ අඩපණ වූ දෙවන යන්ත්‍රය ලබන බ්‍රහස්පතින්දා වන විට යළි පණ ගැන්වීමට හැකි වනු ඇති බවයි.

Update : Monday, 17 October 2016 - 16.19



      
----------------------------------------------------------------------

මහවැලි ජලය විදුලිබල නිෂ්පාදනය සඳහා වැඩිපුර ලබාදීමට මහවැලි බලධාරීන් එකඟවීම නිසා දැනට විදුලිය විසන්ධි කෙරෙන පැය තුනහමාරක කාලසීමාව අඩු කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ පරිසර අමාත්‍යාංශයේ බලධාරීන් සමඟ අද පෙරවරුවේ මේ පිළිබදව සාකච්ඡාවක් ද පැවැත්වූ බවයි.